හෙට (25) සහ අනිද්දා (26) දෙදින තුළ දිවයින පුරා ඇති සියලුම මත්පැන් අලෙවිසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මේ අතර සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය අනුව මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලබාගෙන ඇති හෝටල් සම්බන්ධයෙන් හෙට (25) එම නියෝගය බල නොපැවැත්වෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කෙසේ වෙතත් අනිද්දා (26) දිනට දී ඇති උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයේ දී සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ඇති සියලුම ආයතන සම්බන්ධයෙන් අදාළ නියෝගය බලපැවැත්වෙනවා.













