spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හෙට සහ අනිද්දා දිනවල විදුළි කප්පාදුව සිදුකරන ආකාරය

හෙට සහ අනිද්දා දිනවල විදුළි කප්පාදුව සිදුකරන ආකාරය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව හෙට (12) දිනයේදී පී, කිව්, ආර්, එස්, ටී, යු, වී, ඩබ්ලිව් කලාප සදහා පෙරවරු 10 සිට පස්වරු 2 දක්වාත් පැයක කාලයක්ද පස්වරු 4.30 සිට රාත්‍රී 9.30 දක්වා පැය 01 යි විනාඩි 15 ක් ද විදුළිය කපා හැරෙනු ඇති.

ඒ , බී , සී, ඩී , ඊ, එෆ්, ජී, එච්, අයි, J, කේ , එල් කලාප සදහා විදුළිය කපා හැරෙන්නේ හෙට පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 02 යි විනාඩි 30 ක් සහ පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය 01 යි විනාඩි 15 ක් ලෙසයි.

ඉරිදා දිනයේදී පී, කිව්, ආර්, එස්, ටී, යු, වී, ඩබ්ලිව් කලාප සදහා පස්වරු 05 සිට රාත්‍රී 09 දක්වා පැයක කාලයක් විදුළිය කපා හැරෙනවා.

ඒ , බී , සී, ඩී , ඊ, එෆ්, ජී, එච්, අයි, J, කේ , එල් කලාප සදහා පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා පැය 02 ක්ද පස්වරු 05 සිට රාත්‍රී 10 දක්වා පැයයි විනාඩි 15 ක විදුළි කප්පාදුවක්ද සිදුකෙරෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?