හෙට රෑ වෙනකල් පාර්ලිමේන්තුව

හෙට (04) දිනයේ පාර්ලිමේන්තුව රාත්‍රී 9.00 තෙක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

අද කැඳවූ පක්ෂ නායක රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය හෙට (04) පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 දක්වා පැවැත්වීමට එහිදී තීරණය වී තිබෙනවා.