හෙට පැය 10කට වතුර නැහැ

හෙට දිනයේ දී ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.

ජල සම්පාදන මණ්ඩල‍ය පවසන්නේ, මෙම ජල කප්පාදුව සිදු කෙරෙන්නේ අඹතලේ ජල සැපයුමේ නඩත්තු කටයුත්තක් සහ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ මෙය සිදු කෙරෙනු ඇති බවයි.

ඒ අනුව හෙට දිනයේ දී කොළඹ 11,12,13,14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම තාවකාලික ව නතර වනු ඇති.

මෙය හෙට පස්වරු 07 සිට පසුවදා (05) උදෑසන 05 තෙක් පැය 10ක කාලයක් බලපැවැත්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්