හෙට පාසල් පැමිණෙන දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

දිවයිනේ සියලුම පාසල්වල ප්‍රාථමික අංශ හෙට (25) ආරම්භවීමට නියමිත අතර එහිදී නිල ඇඳුමින් සැරසී පැමිණීම අනිවාර්යය නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව හෙටින් ඇරඹෙන ප්‍රාථමික අංශවල ඉගැන්වීම් කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතා අද පැහැදිලි කිරීමක් කළේය.

“පන්තියක ළමයි 20ක් නම් හැමදාම එන්න, 21- 40 කොටස් දෙකකට බෙදා දිනක් හැර දිනක් පවත්වන්න. මුල්ම දවස් තුනේ ක්‍රියාකාරකම් සිදුකරයි. එසේම නිල ඇඳුම් භාවිත කළ නොහැකි තත්ත්වයෙන් පවතී නම් පාසලට ගැලපෙන සුදුසු ඇඳුමකින් සැරසී සිසුන්ට පාසලට පැමිණීමට හැකියි. ගුරුවරුන්ට පළාත් අතර මාරුවෙන්න බැරිනම් SMS එකක් එවන්නම්.”

එම අමාත්‍යංශයේ අතිරේක ලේකම් එල්. එම්. ඩී. ධර්මසේන මහතා සඳහන් කළේ පාසල් පැමිණීමේ දී සපත්තු පැළඳීම ද අනිවාර්යය නොවන බවය.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණු පාසල්වල ප්‍රාථමික අංශය මාස 06කට පමණ පසුව හෙට දිනයේ සිට විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ති‍බේ.

මීට අමතරව පසුගිය 21 වනදා සිට ළමුන් 200ට අඩු පාසල් විවෘත කිරීමට රජය පියවර ගනු ලැබීය.

ඒ අනුව, හෙට දිනයේ සිට දිවයිනේ සියලුම පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන් සඳහා අධ්‍යයන කටයුතු ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් එල්. එම්. ඩී ධර්මසේන මහතා සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:26
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36