හෙට දිනයේ විදුලිය කැපෙන්නේ මෙහෙමයි 

විදුලි බලාගාර කිහිපයකට ඉන්ධන නොමැතිවීම හේතුවෙන් හෙට දිනයේ විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසම වෙත දන්වා තිබේ.

ඒ අනුව සවස 4.30 සිට රාත්‍රී 10.30 දක්වා A,B සහ C යන ඛාණ්ඩ යටතේ පැය දෙකක විදුලි කප්පාදුවක් ද අනෙක් කාණ්ඩ සඳහා පැය 3ක විදුලි කප්පාදුවක් ද සිදුකිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම පැවසීය.

දිවයින පුරා විදුලි කප්පාදුව සිදුකරන කාලසටහන පහතින් දැක්වේ.