හෙට දිනයේත් පැය පහක විදුලි කප්පාදුවක්

හෙට දිනයේදීත් ඇතැම් ප්‍රදේශවලට පැය 05 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අනුමැතිය දී තිබෙනවා.

ඒ අනුව ඒ සිට එල් දක්වා කලාප 12 කට පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 03 යි විනාඩි 20 ක් බැගින් සහ පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය 01 යි විනාඩි 40 ක් බැගින් විදුලිය කප්පාදු කිරීමට නියමිතව තිබෙනවා.

පී සිට ඩබ්ලිව් දක්වා කලාප 08 කට හෙට පැය 02 යි විනාඩි 40 ක විදුලි කපා හැරීමක් සිදුවනවා.

ඒ අනුව පෙරවරු 10.30 සිට පස්වරු 04.30 දක්වා පැයක් බැගින්ද පස්වරු 04.30 සිට රාත්‍රී 09.30 දක්වා පැය 01 යි විනාඩි 40 ක් බැගින්ද විදුලිය කපා හැරෙනු ඇති