හෙට උදෑසන සිට වදින නව ස්ටිකර් ක්‍රමය

සංචරණ සීමා පනවා තිබෙන විට අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කරන වාහන සඳහා හෙට (07) දිනයේ සිට තවත් විශේෂිත ස්ටිකරයක් හඳුන්වාදීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර තිබේ.

මේ අනුව හෙට (07) දිනයේ සිට විශේෂිත ස්ටිකර් 11ක් හඳුන්වාදීමට නියමිතය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද (06) පැවැති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳ පැහැදිළි කර ඇත.

“සංචරණය සීමා කර ඇති කාලය තුළ අත්‍යවශ්‍ය සේවාවලට සහ මානුෂිය කාරණා සඳහා ගමන් කරන පිරිස් ප්‍රමාදයකින් තොරව ගමන් කිරීමට අවශ්‍ය නිසි ක්‍රමවේදයක් සකස් කරන්න මෙම නව ස්ටිකර් ක්‍රමය හෙට උදෑසන සිට භාවිත කරනවා. මාර්ග බාධක කිහිපයකදී එකම වාහනය පරීක්ෂාවීම වැළැක්වීමට මෙම නව ක්‍රමයට හැකියාව තිබෙනවා. හෙට දින උදෑසන මෙම නව ක්‍රමවේදය කොළඹට ඇතුළුවන මාර්ග සියල්ලේම ක්‍රියාත්මක වෙනවා.”

“ස්ටිකර් වර්ග 11ක් අපි සකස් කරලා තියෙනවා,

කොල වර්ණයේ ස්ටිකරය සෞඛ්‍ය සේවාවල අයට.

ලා නිල් පැහැති වර්ණය ත්‍රිවිධ හමුදා, පොලිස් වාහනවලට.

දම් වර්ණය පුද්ගලික අංශයට අයත් අත්‍යවශ්‍ය සේවා සපයන අය සඳහා.

ලා දුඹුරු වර්ණය ආනයන, අපනයන, නිෂ්පාදන, කර්මාන්තශාලා ක්ෂේත්‍රයට අයත් පිරිස් සඳහා.

කහ වර්ණය අත්‍යවශ්‍ය සැපයුම් සම්බන්ධයෙන්.

රතු වර්ණය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම් සඳහා.

තැඹිලි වර්ණය මාධ්‍ය සහ සන්නිවේදන ආයතන සඳහා.

සුදු වර්ණය විදේශගතවීම් සම්බන්ධ කටයුතු සඳහා.

කළු වර්ණය මානුෂීය හේතූන් (අවමංගල්‍ය, වෛද්‍ය පරීක්ෂණ, ඖෂධ ගැනීම) සඳහා.

අළු වර්ණය පිසූ ආහාර සහ ඩිලිවරි සේවා සඳහා.

රාජ්‍ය අංශයේ අනෙකුත් රාජකාරී සඳහාත් විශේෂිත වර්ණයකින් යුත් ස්ටිකරයක් හඳුන්වා දී තිබෙනවා.”

“ඔබ යතුරුපැදියකින් එනවා නම් අපි ඒ ස්ටිකරයේ සඳහන් කරනවා එක් අයෙක් කියලා. දෙන්නෙක් නම් ඒ දෙන්නා සම්බන්ධව එහි සඳහන් කරනවා. මේ ස්ටිකරය නැවත සංචරණ සීමා ඉවත් කරන තුරුම වලංගුයි. යම් වාහනයක ගමන් කරන්නේ 5 දෙනෙක් බව අදාළ ස්ටිකරයේ සඳහන් කිරීමෙන් පසු 6 දෙනෙක් රැගෙන යෑමේ හැකියාවක් නෑ. මේ ස්ටිකරය ලබා දෙන්නේ ඒ අයගේ සේවා හැඳුනුම්පත, ජාතික හැඳුනුම්පත, ආයතනය විසින් නිකුත් කර ඇති ලිපිය පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි. ඒ අනුව හෙට උදෑසන කොළඹට ඇතුළු වන ප්‍රදේශවලදී මාර්ග බාධකවලදී මේ ස්ටිකරය හඳුන්වාදී නිසා යම් ප්‍රමාදයක් වෙන්න පුළුවන්.වෙලාවට කාර්යාලයට යන්න බලාපොරොත්තු වෙන අය ටිකක් උදෙන්ම එන්න. හෙට දිනයේ එම ස්ටිකරය ලබා ගැනීමට නොහැකි වූ පිරිසට අනිද්දා දිනයේත් එය ලබාගැනීමේ හැකියාව තිබෙනවා. මෙම ස්ටිකරය සහිත වාහනයේ වෙනත් අය ගමන් කළොත් වෙනත් කටයුතු සඳහා යොදා ගෙන තිබුණොත් එය බරපතළ වරදක්. එවැනි වාහන පොලිස් භාරයට ගන්නවා.”

මේ අතර හෙට දිනයේ සෞඛ්‍ය සේවා වාහන සඳහා මාර්ග තීරු වෙන්වීමක් සිදුවිය හැකි බවත් ඒ අනුව රථ වාහන ගමන් කළ යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කර තිබේ.

“හෙට මාර්ගවල පැමිණෙන විට ඔබට යම් දැන්වීම් පුවරුවක් ප්‍රදර්ශනය වෙයි සෞඛ්‍ය සේවා වාහන කියලා. එවිට එම කොටසේ ඔබ ගමන් කළ යුතුයි. එවිට තදබදය තවත් අඩු කරගන්න පුළුවන් වෙයි.”

  1. ඔය ස්ටීකර් එකමද ගහන්නෙ ? අර පස්සර නිරෝධායෙ ගනිකාවනට යට ජන්ගි සපයන දොස්තරලගෙ වාහන වලටත් ? අපිව ඒ ගැනත් දෙනුවත් කරන්න, ආසාවෙන් ඉන්නෙ ;



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53