spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හෙට ඇරඹෙන සා.පෙළ ගැන විශේෂ දැනුම්දීම් කිහිපයක්

2021 වසර සඳහා වන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (23) සිට ආරම්භ වීමට නියමිතයි.

විභාගය ලබන ජුනි මස පළමු වනදා දක්වා විභාග මධ්‍යස්ථාන 3,844කදී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

සාමාන්‍ය පෙළ විභාග සම්බන්ධයෙන් වන දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද (22) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී වුණා.

ඊට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් සහ විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන එක්ව සිටියා.

මෙවර විභාගය සඳහා පෙනී සිටින සිසු සිසුවියන් කල්වේලා ඇතිව විභාග ශාලාව වෙත යොමුකරන ලෙස විභාග කොමසාරිස්වරයා මෙහිදී දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කළා.

පැය 02කට පෙර හෝ විභාග ශාලාව වෙත පැමිණිය හැකි නම් එය වැදගත් වන බවයි ඔහු එහිදී සඳහන් කළේ.

මේ අතර අධ්‍යාපන අමාත්‍යවරයා විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටියේ සාමාන්‍ය පෙළ විභාගය නියමිත පරිදි පවත්වාගැනීම සඳහා බාධා කිරීමකින් තොරව සහයෝහය දක්වන ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?