හුති පරිස්සමින්…

හුති කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයේ පළිය ගන්නා බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ප්‍රකාශ කර ඇත.

පුද්ගලයන් තිදෙනෙකුට මරු කැඳවමින් යේමනයේ හහුති සටන්කාමීන් විසින් අබුඩාබි නගරයට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙලෙස අනතුරු අඟවා තිබේ.

එමීර් රාජ්‍යය, ඉරාන සහාය ලබන බවට විශ්වාස කෙරෙන හුති කැරලිකරුවන්ට එරෙහි සවුදි ප්‍රමුඛ හමුදා සන්ධානයේ පාර්ශ්වකරුවෙකි.

හුති කැරලිකරුවන් සෞදි අරාබි දේශ සීමාව ඔස්සේ නිරන්තරයෙන් ප්‍රහාර සිදු කළද එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මෙවැනි දරුණු ප්‍රහාරයක් එල්ලවූ පළමු අවස්ථාව මෙය බව සඳහන් වේ.

කෙසේ නමුත් එමීර් රාජ්‍යයේ තවත් ඉලක්ක වෙත ප්‍රහාර සිදුකරන බවට හුති කැරලිකරුවන් අනතුරු අඟවා ඇත.

අබුඩාබි සහ ඩුබායි ගුවන්තොටුපළ හා අබුඩාබි නගරයේ මුස්තාෆා කලාපයේ පිහිටි තෙල් පිරිපහදුවක් ඇතුළු වැදගත් ඉලක්ක කිහිපයක් වෙත ඊයේ (17) ප්‍රහාරය එල්ල කළ බව හුති සංවිධානයේ ප්‍රකාශකයෙක් සඳහන් කර තිබේ.

ඒ සඳහා බැලැස්ටික් මිසයිල 5ක් සමග සන්නද්ධ ඩ්‍රෝන යානා යොදාගත් බවද ඔහු සඳහන් කර ඇත.

මේ අතර සෞදි ප්‍රමුඛ හමුදා සන්ධානය යේමනයේ සානා අගනුවරට ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 11 දෙනෙකු තුවාල ලැබූ බව හුති මාධ්‍ය ආයතනය නිවේදනය කර තිබේ.

ප්‍රහාරයෙන් දේපළ හානි රැසක් සිදුවී ඇති බවද අල් මසීරා නමැති එම මාධ්‍ය ආයතනය සඳහන් කර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57
Video thumbnail
නොමිලේ නීති උපදෙස් ලබාදෙන ජංගම සේවයක් අපි ආරම්භ කරනවා - කුමන බාධක දැම්මත් පරාජය කරනවා
03:44
Video thumbnail
අරන්තලාවේදී ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර - මගීන් 60කට වැඩි පිරිසක් ඉදලා
00:50
Video thumbnail
වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද ක්‍රමෝපායන් හුරුපුරුදු නෑ - ලක්ෂ 220ම එකතු වෙමු
05:05
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33