හීනයක් තිබ්බද පොඩි ගේ කෑල්ලක් හදාගන්න..

ලංකාවේ ජීවත් වන බොහෝ තරුණ තරුණියන්ගේ සිහිනයක් වන්නේ කුඩා නිවසක් සදාගෙන තම සහකරු හෝ සහකාරිය සමග සතුටින් ජීවත් වීමටය.නමුත් මේ මොහොත වන විට ඔබත් මමත් ජීවත්වන මේ කොදෙව්ව ඉතා අසීරු අඩියටකට වැටි ඇතිබව අප සැවොම දන්නා කරුණකින්.කෙසේ වෙතත් සිහින නිවහනක් සෑදීමට ඔබ් තවමත් සිතනවා නම් ගොඩනැගිලි ද්‍රව්‍ය වල මිල දැන සිටීම ඉතා වැදගත්ය.

ඒ නිසාවෙන්ම මේ මිලගනන් පිළිබඳව ඔබව කෙටියෙන් දැණුවත් කිරීම වටීවි යැයි අප සිතුවා.නිවසක් සෑදීමට මූලිකවම අවශ්‍ය වන්නේ ඔබේම කිය ඉඩමකි.වත්මන් තත්වය අනුව නගරබද පෙදෙසක ඉඩම ගන්නවා යැයි සිතීමත් විහිලුවකි.කෙසේ නමුත් ඉඩමක් තිබෙන කෙනෙක් නම් ඊලග ගැටලුව සිමෙන්තිය.

මේ වන විට සිමෙන්ති කොට්ටයක සම්මත මිල වන්නේ , 2800කට ආසන්න මුදලක්.නමුත් අද දිනයේ (04/26) මිල වැඩි වීමත් සමග ඇතැම් සමාගම් රුපියල් 2800ටත් ඇතැම් සමාගම් 2600 ටත් විකිනීම සිදු කරන කලුකඩ මිල රුපියල් 3200කට ආසන්නවත් විකිනෙන අවස්ථා ඇති බව ක්ෂේත්‍රයේ නියුතුවන් පවසනවා.

ඊට අමතරව,
පොඩි ගඩොලක් රුපියල් 45 – 49 අතර මුදලකට
බ්ලොක් ගල් ලොකු රුපියල් 90 -95 අතර මුදලකට
බ්ලොක් ගල් පොඩි 45 – 49 අතර මුදලකට
ගඩොල් පොඩි රුපියල් 23 – 29 අතර මුදලකට
මෝඩ ගඩොල් රුපියල් 39 – 42 අතර මුදලකට මේ වන විට නියම වී තිබෙනවා.

මීට අමතරව ,

ජී.අයි බටයක් රුපියල් 6000.00 වෙනවා.
මීට පෙර එය රුපියල් 3000.00 ආසන්න මිලකට විකිණුනා.

වැලි කියුබ් එකක් රුපියල් 25000.00 26000.00 අතර මිලක් වනවා.
ලොකු අත්තිවාරම් ගල් කියුබ් එකක් පෙර මිල රුපියල් 8000.00 වූ අතර නව මිල රුපියල් 9000.00 – 10000.00 වනවා.
3/4 කලු ගල් කියුබ් එකක් රුපියල් 17000.00 වෙනවා.නමුත් ලංකාවේ ඇති වෙඩි බෙහෙත් හිඟය නිසා මේ මිල අනිවාර්යයෙන් වැඩි වන බව ක්ෂේත්‍රයේ නියුතුවන් පවසනවා.

කම්බි මි.මි 10 කූරක් පසුගිය දෙසැම්බරයේ රුපියල් 480.00කට මිල නියම වී තිබුනත් දැන් මිල රුපියල් 2050.00 පමණ වනවා.
මි.මි 16 කම්බියක් මින් පෙර රුපියල් 720.00 අලෙවි වූ අතර දැන් මිල රුපියල් 4200.00 – 4400.00 අතර වනවා.

සියල්ලටම පසුව වැඩ කුලී සැලකීමේ දී 04/26 දින වන විට බාස් කුළිය මෙලෙස වනවා.
බාස් කුලිය 3500.00 – 4500.00 අතර වනවා.
අත් උදව්කරුවෙකුට රුපියල් 2500.00 ත් 3500ත් අතර මිලක් නියම වෙනවා.
මේ මිලට කෑම බීමත් ඔබ විසින් දිය යුතු වෙනවා.

ඉතින් මේ තියෙන්නේ සරල මිල ගනන් කිහිපයක්.ඔබටත් දැන් පුලුවන් නිවාඩු පාඩුව හිතලා බලන්න ගෙයක් හදන්න ඕනේම ද කියලා…..

  1. මාත් අවුරැදු 7,8ක ඉදන් ගේ හදනවා විවිධ ප්‍රශ්න නිසා තවම නිවසේ කාමරයක් සහ කුස්සිය පමනයි සාදා ඇත්⁣තේ වහලය වත් සාදා නොමැත ආර්ථික තත්වය මත කුලියට තාමත් අම්මයි මමයි ජීවත් වන්නේ රැකියාව වශයෙන් ඇගලුම් ආයතනයක සේවය කරනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16