හසන් නස්රල්ලාගේ මරණය හිස්බුල්ලා සංවිධානය තහවුරු කරයි

ඊශ්‍රායලය බේරූට් වෙත ප්‍රහාර එල්ල කිරීමෙන් පසු හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නස්රල්ලා මියගොස් ඇති බව හිස්බුල්ලා සංවිධානය විසින් තහවුරු කර තිබෙනවා.

ඊයේ (27) පස්වරුවේ ලෙබනනයේ බීරූට් වෙත එල්ල කළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවකින් ඔහු මියගොස් ඇති බව ඊශ්‍රායල හමුදා ද සඳහන් කළා.

මහල් නිවාස ඇතුළු ගොඩනැගිලි ඉලක්ක කර ගනිමින් පසුගිය දින කිහිපය තුළ ඊශ්‍රායල එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් කුඩා ළමුන් ඇතුළු 700 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ.