හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය සෞඛ්‍ය ඇමතිගේ ප්‍රධානත්වයෙන්

සිංහල හා ද්‍රවිඩ අලුත් අවුරුදු උත්සවයේ හිසතෙල් ගෑමේ මංගල්‍යයේ රාජ්‍ය උත්සවය අද (16) පෙරවරු 09.04ට යෙදී තිබුණ සුබ මොහොතේ දී මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ ඓතිහාසික නාථ දේවාල භූමියේ දී සිදු කෙරුණා.

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් සඳහා මුල් තැන දී පැවති උත්සවය සඳහා ගිහි පැවිදි විශාල පිරිසක් එක්ව සිටි බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි, පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වේඩරුවේ ශ්‍රී උපාලි , ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද, නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය ආරම්පරාවේ ආනන්ද නාහිමිවරු ප්‍රමුඛ මල්වතු අස්ගිරි මහා සංඝරත්නය මෙන්ම මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් බී. අබේකෝන්, ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධම්මික අබේගුණවර්ධන, නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි, පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද්‍රාණී කිරිඇල්ල ,නාථ දේවාලයේ බස්නායක නිලමේ ඒ.ඩබ්.එස්. බණ්ඩාරනායක යන මහත්වරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

දළදා මාලිගාවේ ඇත් පන්තියේ බුරුම රාජා හා මිගාර රාජා ඇතුන්ගේ ද හිස තෙල් ගෑම සිදු කෙරුණු බවයි වාර්තා වන්නේ.

මීට අමතර ව දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් හිසතෙල් ගෑමේ මංගල්‍යය සිදු කෙරුණු අතර ශ්‍රීපාද උඩ මළුවේ ද මෙම චාරිත්‍රය අද සිදු කෙරුණා.

ඒ ශ්‍රීපාද භාරකාර දොරපනේ සුමන ජෝති හිමියන්ගේ ප්‍රධානත්වයෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03