හිසතෙල් ගෑමේ නැකැත උදාවෙයි

මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුව හිසතෙල් ගෑමේ නැකැත අද (15) පූර්වභාග 10.17ට උදා වුණා.

සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල් පත් ද පයට ඉඹුල් පත් ද තබා, දිවුල් පත් යුෂ මිශ්‍ර නානු ද ගා ස්නානය කිරීම මැනවි යැයි මෙවර අලුත් අවුරුදු නැකැත් සීට්ටුවේ දැක්වෙනවා.

මේ අතර මෙවර හිසතෙල් ගෑමේ ජාතික මහෝත්සවය පැවැත්වෙන්නේ, හැඳල පුරාණ රජමහා විහාරස්ථානයේදීයි.