හිරේ ඉන්න දේශබන්දුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට CID වෙත අවසර

‘W15’ හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ විමර්ශන ඉදිරියට පවත්වාගෙන යෑමටත්, සැකකරුට සැඟවී සිටීමට සහාය දුන් පාර්ශ්ව අනාවරණය කරගැනීමේ විමර්ශන විධිමත්ව සිදු කිරීමටත් බාධා ඇති විය හැකි නිසා සැකකාර තෙන්නකෝන් මුදියන්සේලාගේ වංශලංකාර දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ ඇප අයැදීම ප්‍රතික්ෂේප කිරීමට මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස නියෝග කළා.

ඒ අනුව සැකකරු ලබන අප්‍රේල් 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා, බන්ධනාගාරගතව සිටියදී සහ සැකකරු ප්‍රවාහනය කිරීමේදී ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන ලෙස ද මාතර බන්ධනාගාර අධිකාරිවරයාට වැඩිදුරටත් නියෝග කළ බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය සඳහන් කළේ.

අද (20) පස්වරු 2ට මහෙස්ත්‍රාත්වරයා විසින් මේ ඇප නියෝගය ප්‍රකාශයට පත් කළා.

සැකකරු සම්බන්ධයෙන් කඩිනම් සහ පුළුල් විමර්ශනයක් පවත්වා එහි ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්, සැකකරුට සැඟවී සිටීමට ආධාර අනුබල දුන් පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මෙහිදී මහෙස්ත්‍රාත්වරයා පැමිණිලි පාර්ශ්වය වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 1හි ස්ථානාධිපතිවරයාට නියෝග කෙරුණා.

ඇප නියෝගය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට පැවසුවේ මෙය නීතියේ ආධිපත්‍යය සහ නීතිය අවභාවිතය පිළිබඳව කියැවෙන වැදගත් නඩුවක් බවයි.

තමන් අධිකරණයට පැමිණියේ පොලිස් ආරක්ෂාව යටතේ බවත්, එවැනි තත්ත්වයක් අසාර්ථක රාජ්‍යයක සලකුණක් බවත් මෙහිදී පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා, විමර්ශන අවසන් කොට සැකකරුවන්ට එරෙහිව කඩිනමින් නඩු පැවරිය යුතු බව ද සඳහන් කළා.

පසුගිය මාර්තු 11 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවට අනුව මේ සිදුවීමේ පළමු සැකකරු ලෙස දේශබන්දු තෙන්නකෝන් නම් කර තිබෙනවා.

යම් තැනැත්තකුට හෝ ආණ්ඩුවට හානියක් කිරීමේ චේතනාවෙන් නීතියේ විධානයන්ට රජයේ සේවකයකු ලෙස අකීකරු වීම, W15 හෝටලයට සහ එහි හිමිකරුවන්ට සාපරාධී බලහත්කාරය පෑම, නීතිවිරෝධී රැස්වීමකට පොලිස් නිලධාරීන් යෙදවීම, රාජකාරි කටයුත්තක් නොවන පෞද්ගලික කටයුත්තකට ටී56 ගිනිඅවියකින් වෙඩා තබා බියගැන්වීම, සත්‍යය නිරාවරණය වීම වැළැක්වීමට බොරු සාක්ෂි ගෙතීම, පුපුරණ ද්‍රව්‍යයකින් හෝටලයට හානිකිරීම, නීත්‍යනුකූල නොවන වෙඩි තැබීමක් සිදු කිරීමෙන් ඇතිවිය හැකි ප්‍රතිඵල පිළිබඳව දැනුවත්ව එහෙත් නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීමෙන් පොලිස් නිලධාරියකුගේ මරණය සිදු කිරීමට දායක වීම ඇතුළු චෝදනා 09ක් සැකකරුට එරෙහිව ඉදිරිපත් කර තිබෙනවා.

මේ චෝදනා පිළිබඳ ව සඳහන් කරමින් මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සිය ඇප නියෝගයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ; පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ ම නිලය දරන දැනට සේවය අත්හිටුවා ඇති සැකකරු, චේතනාන්විතව අධිකරණ නියෝගයට අවනත නොවී සැඟවී සිට ඇති බවයි.

මේ නිසා නඩුවට අදාළ විමර්ශන අඩපණ වී ඇති බවත්, ඔහු සෙවීම සඳහා මහජන මුදල් වැය කිරීමට සිදු ව ඇති බවත් එහි වැඩිදුරටත් සඳහන්.

මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් බන්ධනාගාරගත ව සිටින මෙම සැකකරුගේ ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලීමක් කළා.

එසේම සැඟව සිටි දින 20 කාලය තුළ දේශබන්දු තෙන්නකෝන් විසින් පරිහරණය කළ ඉලෙක්ට්‍රොනික උපකාරණ සියල්ල විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම්වලට අවසර ලබා දුන්නා.

මේ අතර අද දිනයේ දී මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දෙනු ලැබූ නියෝගයේ සම්පූර්ණ නඩු නියෝගය මෙතැනින් කියවන්න..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20