හිරුණිකාට එරෙහි පැමිණිල්ලකට අධිකරණයෙන් දුන් නියෝගය

ජාත්‍යන්තර කාන්තා දිනය දා කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී නීති විරෝධී ලෙස පෙළපාළියක් පවත්වා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 14 දෙනෙකුට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර තිබූ පැමිණිල්ලක් අද (13) කැඳවනු ලැබුවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉදිරියේ මෙම පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේ දී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් 14 දෙනා අධිකරණයේ පෙනී සිටියා.

එහිදී කුරුදුවත්ත පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවයි.

මේ අතර සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ තම සේවාදායකයින් නිදහස් කිරීමට පවා අධිකරණයට හැකියාව තිබෙන බවයි.

කෙසේ වෙතත් සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය 2023 මැයි මස 05 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මෙහි දී ප්‍රධාන මහේස්ත්‍රාත්ප්‍වරයා කුරුඳුවත්ත පොලිසියට නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34