spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හිරුණිකාට එරෙහි පැමිණිල්ලකට අධිකරණයෙන් දුන් නියෝගය

ජාත්‍යන්තර කාන්තා දිනය දා කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී නීති විරෝධී ලෙස පෙළපාළියක් පවත්වා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 14 දෙනෙකුට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර තිබූ පැමිණිල්ලක් අද (13) කැඳවනු ලැබුවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉදිරියේ මෙම පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේ දී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් 14 දෙනා අධිකරණයේ පෙනී සිටියා.

එහිදී කුරුදුවත්ත පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවයි.

මේ අතර සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ තම සේවාදායකයින් නිදහස් කිරීමට පවා අධිකරණයට හැකියාව තිබෙන බවයි.

කෙසේ වෙතත් සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය 2023 මැයි මස 05 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මෙහි දී ප්‍රධාන මහේස්ත්‍රාත්ප්‍වරයා කුරුඳුවත්ත පොලිසියට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?