හිමිනමක් කලිසම් කමිස ඇද කතුන් තිදෙනෙකු එක්ක ට්‍රිප් ගිහින්

සිවිල් ඇදුමින් සැරසී කාන්තාවන් තිදෙනෙකු ද සමඟ චාරිකාවකට සහභාගී වූ බව කියන හිමි නමක් විහාරස්ථානයෙන් පිටමංකල පුවතක් වැලිපැන්න ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

වැලිපැන්න, ලෙව්වන්දූව ජිනේන්ද්‍රාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමි වන පූජ්‍ය ගලහිටියාවේ ධම්මකිත්ති හිමියන්ව මෙසේ විහාරස්ථානයෙන් පසුගිය (29) වන දා පිටමං කර ඇති බව සදහන්.

විහාරාධිපති හිමියන් සිවිල් ඇදුමෙන් සැරසී විහාරස්ථානයේ වැන් රථයෙන් රියදුරු සහ තවත් කාන්තාවන් තිදෙනෙකු සමඟ ඉකුත් 26 දා අළුයම කතරගම, ලුණුගම්වෙහෙර සහ මහනුවර ප්‍රදේශවල දෙදින චාරිකවක යෙදීසිට ඇති අතර, ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ දී උන්වහන්සේ කලිසමක් සහ කමිසයකින් සැරසී සිටින අවස්ථාවක කිසියම් පුද්ගලයකු ලබාගත් ඡායාරූප මුහුණු පොතේ පලකර තිබෙනවා.

එම ඡායාරූප සහ විස්තර දැනගත් විහාරස්ථානයේ දායක පිරිස ඇතුළු ගම්වාසීන් දෙසීයකට ආසන්න පිරිසක් විහාරස්ථානය වටකර විහාරාධිපති හිමියන්ට පිටව යන ලෙස බලකරන බවට තොරතුරක් ලැබී ඇති බව පොලිසිය පැවසුවා.

ඒ අනුව, වැලිපැන්න ස්ථානාධිපති ඇතුළු නිළධාරීන් පිරිසක් පැමිණ සිටි පිරිස පාලනය කිරීමට කටයුතු කර ඇති අතර , ඒ අතරතුර වලගෙදර සහ කැකුලන්දල ප්‍රදේශයේ පිරිවෙන් විහාරස්ථාන දෙකක පරිවේනාධිපති හිමිවරුන් විහාරස්ථානයට වැඩමකර ඇති බව පොලිසිය සඳහන් කළා.

පසුව එම පරිවේනාධිපති හිමිවරුන් සහ දායක සභාව පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව විහාරස්ථානයේ වැඩසිටින අනෙක් ස්වාමීන් වහන්සේලා දෙනමට වගකීම පවරා විහාරාධිපති හිමියන් විහාරාධිපති හිමියන් ගේද කැමැත්ත මත එදින රාත්‍රි 8.30 ට පමණ මතුගම ප්‍රදේශයේ විහාරස්ථානයකට පිටත්කර යවා තිබෙනවා.

උන්වහන්සේ සමඟ චාරිකාවට එක්ව ඇති කාන්තාවන් කවුරුන්ද යන්න ප්‍රදේශවාසින් විසින් සොයමින් සිටීන බවද වාර්තා වෙනවා.

පිටමංකර යැවූ විහාරාධිපති පූජ්‍ය ගලහිටියාවේ ධම්මකිත්ති හිමි, තමන් සමඟ පෙර ආරවුලක් ඇතිකර ගත් පුද්ගලයකු මේ සඳහා මුල්වී ඇති බවට ඊයේ (30) උදැසන වැලිපැන්න පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවත් ඒ සම්බන්දයෙන් ද විමර්ශන සිදුකරන බවත් පොලිසිය පවසනවා.

මේ පිළිබඳව වැලිපැන්න පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27