හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අද

හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදට (08) යෙදී තිබෙනවා.

මහා ශිව රාත්‍රීය සැලකෙන්නේ, දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියා තමා බව ශිව දෙවියන් ලොවට විදහා දැක්වු දිනය ලෙසයි.

ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන හින්දු බැතිමතුන්ගේ ධාර්මික මංගල්‍යය මෙය වෙයි.

රාත්‍රි නිදි වර්ජිතව උපවාසයේ යෙදී ශිව දෙවියන්ට පුද පූජා පැවැත්වීමෙන් මෝහාන්ධකාරය දුරු වී ප්‍රඥාලෝක දැල්වේවා යන ප්‍රාර්ථනයෙන් හින්දු බැතිමතුන් අද දින පුණ්‍ය ක්‍රියාවල නිරත වෙයි.