හිත හොඳ ග්‍රාම නිලධාරී ඝාතනයයෙහි සුලමුල

අඹන්පොළ ග්‍රාම නිලධාරී කේ.පී. සිටුකුමාර මහතා කපා කොටා ඝාතනය කිරීමට රුපියල් ලක්ෂ එකහමාරක කොන්ත්‍රාත්තුවක් ලබා දුන් බව කියන ගල්ගමුව දුම්රිය ස්ථානයේ (පුහුණු) දුම්රිය ස්ථානාධිපතිවරයෙක් අඹන්පොළ පොලිසිය විසින් පෙරේදා (04) රාත්‍රීයේ අත්අඩංගුවට ගනු ලැබීය. ගල්ගමුවේ පදිංචි පුද්ගලයකුට එම කොන්ත්‍රාත්තුව ලබා දී ඇති බවත් ඒ අනුව එම පුද්ගලයා මිතුරන් දෙදෙනකු සමග එක්ව පෙරේදා (04) උදෑසන ග්‍රාම නිලධාරියාට පහර දී කපා කොටා ඝාතනය කර ඇති බවත් තොරතුරු අනාවරණය වන බව පොලීසිය සඳහන් කරයි.

කොන්ත්‍රාත්තුව ගත් පුද්ගලයා හික්කඩුවේ අයකු වන අතර ඔහු ගල්ගමුවේ කාන්තාවක සමග විවාහ වී ගල්ගමුවේම පදිංචිව සිටින බව ද වාර්තා වේ. තමා භුක්ති විඳින රජයේ ඉඩමක බලහත්කාරයෙන් රැදී සිටින වෙනත් පුද්ගලයෙකුට එය ලබා දීමට මරණයට පත්වූ ග්‍රාම නිලධාරියා පියවර ගනිමින් සිටින බැවින් ඔහු බිය ගැන්වීම සඳහා පහර දීමක් සිදු කිරීමට පමණක් තමන් මෙම කොන්ත්‍රාත්තුව ලබාදුන් බව සැකකාර පුහුණු දුම්රිය ස්ථානාධිපතිවරයා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සඳහන් කර ඇතැයි වාර්තා වේ. ග්‍රාම නිලධාරයා බිය වැද්දීමට පහරදීමක් සිදුකරන ලෙසට තමන් දැනුම් දුන්නත් ඔහු මරා දැමීමේ කිසිදු වුවමනාවක් නොතිබුණු බව ද මෙම සැකකාර පුහුණු දුම්රිය ස්ථානාධිපතිවරයා සඳහන් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

සැකකාර පුහුණු දුම්රිය ස්ථානාධිපතිවරයා සැකකරුවන්ට අත්තිකාරම් මුදලක් වශයෙන් රුපියල් 70,000ක මුදලක් මුලින් ලබා දී ඇති බවත්, ඉතිරි මුදල සැලැස්මෙන් පසු ලබා දීමට පොරොන්දු වී ඇති බවත් පරික්ෂණවල දී අනාවරණය වූ බව පොලීසිය සඳහන් කරයි. ඝාතකයන් වැන් රථයකින් ගොස් ග්‍රාම නිලධාරියා ඝාතනය කර ඇති බවත් එම වෑන් රථයේ අංකයට අනුව සිදුකළ පරීක්ෂණයෙන් පසු එම රථය ද ගල්ගමුව පොලීසිය විසින් සොයාගනු ලැබු බවත් පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. එම වෑන් රථය ලියාපදිංචි වී ඇත්තේ නිකවැරටිය පොලිස් අධිකාරි කොට්ඨාසයේ පොලිස් ස්ථානයක රාජකාරි කරන පොලිස් නිලධාරියකුගේ නමින් බවත්,

එම රථය සැකකාර පුහුණු දුම්රිය ස්ථානාධිපතිවරයා කුලි පදනම මත ලබාගෙන තිබූ එකක් බවත් අනාවරණය වන බව ද එම නිලධාරියා සඳහන් කළේය.

ග්‍රාම නිලධාරියා ඝාතනය කිරීමෙන් පසු ඝාතකයන් ගල්ගමුව ප්‍රදේශයේ හෝටලයකට ගොස් මත්පැන් සාදයක් පවත්වා ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි. ඝාතකයන් අල්ලා ගැනීම සඳහා අඹන්පොළ පොලීසියට අමතරව තවත් විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් ද නිකවැරටිය සහකාර පොලිස් අධිකාරී සාලින්ද සමරකෝන් මහතා විසින් පත්කරනු ලැබ සිටිති. සැකකාර පුහුණු දුම්රිය ස්ථානාධිපතිවරයා මහව අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහව මහේස්ත්‍රාත් නුතිනන් සිරිවර්ධන මහතා ඊයේ (05) නියෝග කර ඇත.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ගල්ගමුවේ පදිංචි චානක තිලාන් කුමාර නමැත්තෙකි. දේශීය වී වගාව පිළිබඳ පර්යේෂකයකු මෙන්ම සංරක්ෂකයකු වූ අඹන්පොළ ග්‍රාම නිලධාරී කේ.පී. සපුකුමාර මහතා පෙරේදා (04) උදැසන රාජකාරියට යමින් සිටිය දී නාඳුනන පිරිසක් විසින් කපා කොටා ඝාතනය කරනු ලැබ සිටියේය.

ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය (ලංකාදීප)



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14