හිතුනටත් වඩා අඩු මුදලට ත්‍රිවීලර් මිලට ගන්න අයට පණිවිඩයක්

සොරකම් කර රැගෙන එන ත්‍රිරෝද රථ විවිධ වෙනස්කම් වලට ලක්කර එන්ජින්, චැසි අංක , සහ ලියාපදිංචි අංක වෙනස් කර අලෙවි කිරිමේ ජාවාරමක නියුතුව සිටි ජාවාරම්කාර පුද්ගලයන් දෙදෙනෙකු එලෙස විකිණීමට තිබූ ත්‍රීරෝද රථ 5ක් සහ නීති විරෝධී කඩුවක් සමග (23) බේරුවල පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බව කියයි .

මෙම ජාවාරමේ මහ මොළකරු වන ප්‍රධාන සැකකරු ගරාජ් බාස් කෙනෙකි.

සොරකම් කරගන්නා ත්‍රීරෝද රථ බේරුවලට ප්‍රදේශයට රැගෙන විත් අඩු මුදලට විකුණා තිබෙන අතර පොලිස් අත්අඩංගුවේ පසුවන මෙම ජාවාරම්කරුවන් එම ත්‍රීරෝද රථ අලුත් වැඩියා කිරීමේ මුවාවෙන් විවිධ ගරාජ් වල මෙන්ම විවිධ ස්ථානවල සඟවා ඒවායේ මුල් චැසි අංක , එන්ජින් අංක සහ ලියාපදිංචි අංක වෙනස්කර වරින් වර ත්‍රීරෝද රථ විකිණීම ට සැලසුම් කර තිබි අැත.

එම එක් ත්‍රීරෝද රථයක් මිලදී ගැනීමට බ්‍රෝකර් වරයකු ලෙස උපාය දූතයකු යොදවා ලබාගත් තොරතුරු මත ප්‍රථමයෙන් මහ මොළකරු සහ සහයක සැකකරු ත්‍රී රෝද රථ සමග බේරුවල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර අැත .

මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු ලබා දුන් පදිංචි ලිපිනය ව්‍යාජ එකක් බව හඳුනාගත් පොලීසිය ඔහුගේ නිවස පරීක්ෂාවට ගිය අතර එහිදී මෙම පුද්ගලයා සන්තකෙය් තිබී එකල මහත් ආන්දෝලනයට ලක්වූ ‘සහරාන්’ කල්ලිය සතව තිබියදී ෙසායාගත් කඩු වලට සමාන කඩුවක් පොලිස් භාරයට ගත් බව කියයි .

මෙම ජාවාරම්කරුවන් ව්‍යාජ ලෙස සකස්කරන ත්‍රීරෝද රථ මුදල් හදිස්සියකට යැයි කියා ඉතා අඩු මුදලකට විකිණීමට කටයුතු කර අැති බවත් පොලිසිය කියයි .

අත් අඩංගු වට ගත් සැකකරුවන් දෙදෙනා සම්බන්ධව දීර්ඝ විමර්ශනයකින් පසු කළුතර අධිකරණ යට ඉදිරිපත් කිරීමට නියමිතය .

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33
Video thumbnail
පානදුරදී පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
01:22
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31