හිතාමතාම සමාජෙට කොරෝනා බෝ කරන්න ගිය 4ක් මාට්ටු

ගාල්ල සංඝමිත්ත විදුහලේ එන්නත් කිරිමේ මධ්‍යස්ථානයට පැමිණ එන්නත් ලබා නොගෙන කාඩ්පත් පමණක් ලකුණු කරගෙන පිටව යමින් සිටි කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙක් අද (09) දහවල් අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි .

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල ඇත්තිලිගොඩ පදිංචි පුද්ගලයෙකු, එකම පවුලේ සහෝදරීයන් දෙදෙනෙකු ඇතුළු කෝන්ගහ පදිංචි කාන්තාවන් තිදෙනකි.

මොවුන් හතර දෙනා සංඝමිත්ත විදුහලේ එන්නත් කිරිමේ මධ්‍යස්ථානයට පැමිණ එන්නත ලබා නොගෙන කාඩ්පත් පමණක් ලකුණු කරගෙන පිටව යමින් සිටියදි එහි සිටි නිලධාරින් විසින් එය දැක පොලිස් නිලධාරින්ට දන්වා ඇත.

පසුව එම සිව්දෙනා පොලිස් බාරයට ගෙන ගාල්ල පොලිසිය වෙත ගෙනැවිත් කරන ලද විමර්ශණයේදි අනාවරණයවි ඇත්තේ සොහොයුරියන් දෙදෙනා පසුගිය මාසයේ 11වනදින පැමිණ පළමු එන්නතද ලබාගත් බවට කාඩ්පත් ලකුණු කරගෙන ගොස් ඇති අතර ඔවුන්ගේ පියාද එන්නත් විදගත් බවට කාඩ්පත ලකුණු කරවාගෙන ගොස් ඇති බවය.

පිරිමි පුද්ගලයා පවසා ඇත්තේ තමාට එන්නත් විද ගැනිමෙන් පසු අසාත්මිකතා ඇතිවන නිසා විද නොගත් අතර ඉදිරියේදි විදගත් බව පෙන්විමට අවශ්‍ය වන නිසා කාඩ්පත් ලකුණු කරවාගෙන යාමට සුදානම්වු බවය.

ශ්‍රී ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 267වන වගන්තිය යටතේ අන්තරාදායක රෝගයක් පැතිරවිමට හැකි අයුරින් නොසැළකිලිමත් ලෙස ක්‍රියා කිරිම යන චෝදනාව යටතේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂක කපිල
සේනාපතිද සිල්වා මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09