හිතාගන්න බැරි ගාණකින් ජූලිවල බස් ගාස්තුව වැඩිවේවි

ඉන්ධන මිල ඉහළ යෑම තුළ බස් හිමියන්ට පාඩු විදීමට සිදුව ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

අද (03) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් සභාපතිවරයා සඳහන් කළේ, කෙටි ගමන් සේවාවලින් දිනකට රුපියල් 500කට ආසන්න ප්‍රමාණයක් පාඩු විඳීමට සිදුවන බවයි.

එමෙන්ම දුරගමන් සේවා සඳහා ද දිනකට රුපියල් 1,500කට ආසන්න පාඩුවක් සිදුවන බවයි සභාපතිවරයා පැවසුවේ.

ජූලි මාසයේ දී වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වීමට නියමිත බැවින්, ඒ සඳහා අනෙකුත් පිරිවැයන්ද එකතු වන බව පැවසූ ඔහු මේ වන විට රුපියල් 10කින් ඩීසල් මිල ඉහළ යාම තුළ බස් ගාස්තු සංශෝධනය කිරීම සඳහා ඉල්ලීම් කිරීමට බස් රථ හිමියන්ට නෛතික හැකියාවක් නොමැති බවයි සඳහන් කළේ.

කෙසේ වෙතත් ජූලි මාසයේ දී සිදුකරන වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේ දී බස් ගාස්තු අනිවාර්යයෙන් ඉහළ දමන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඒ අනුව ජනතාවට් සිතාගත නොහැකි බස් ගාස්තුවක් ජූලි මාසයේ ඉහළ යා හැකි බවයි සභාපතිවරයා පැවසුවේ.

අ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51