හිටිහැටියේ වෛද්‍ය හේමන්ත හේරත්ගෙන් ඔබ විශේෂ පණිවිඩයක්

තමන්ට යම් රෝග ලක්ෂණයක් තිබේ නම් සෞඛ්‍ය ආරක්ෂිතව නිවසට වී සිටීමත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමත් වැදගත් බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

බොහෝ රෝගින් මේ වන විට සමාජය තුළ හඳුනාගත නො හැකි මට්ටමේ රෝගී ලක්ෂණ නො පෙන්වන අය බව යි ඔහු සඳහන් කරන්නේ.

ඔවුන් හරහා සංකූලතා සහ අධි අවදානම් සහිත පිලිකා රෝගීන්, වකුගඩු රෝගීන් වැනි අය මිය යාමේ ප්‍රවණතාවක් ඇති බව ද ඔහු අවධාරණය කළා.

හැකි ඉක්මනින් නිසි පරිදි තමාට අදාළ එන්නත කඩිනමින් ලබාගන්නා ලෙසට ද ඔහු ජනතාවට දැනුම් දෙනවා.

එන්නත් ක්‍රියාවලිය අප්‍රේල් 30 පසු අවසන් කරන බවට තවම තීරණය කර නො තිබුණත් සෞඛ්‍ය අංශවලට තවදුරටත් මෙය අඛණ්ඩ ව පවත්වාගෙන යාමේ අසීරුතාවක් පවතින බවත් ඔහු සඳහන් කළා.

මේ වන විට සමාජයේ පවතින ඩෙංගු රෝගය සහ වෛරස් උණ රෝගය පිළිබඳ යම් බියක් ඇති නම් පරීක්ෂාවක් සිදු කර තහවුරු කරගන්නා ලෙසත් එය නො සලකා හැර සෞඛ්‍ය පුරුදු අතහැර කටයුතු කිරීමෙන් වළකින ලෙසත් නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය හේමන්ත හේරත්වසාන වශයෙන් අවධාරණය කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22වන ව්‍යවස්ථා සංශෝධනය ගැන හර්ෂ දකින කෝණ තුන - හොරකම් කරලා තියෙන අය හිරේ දාන්න ඕනි
11:47
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි - හඳුන්නෙත්තිගේ සුරතින් ලබාදුන් අයුරු
01:56
Video thumbnail
අප රටට අවශ්‍ය වන්නේ ප්‍රායෝගික බෞද්ධයන් - පින්තූරයට සීමාවූ බෞද්ධකම වැඩක් නෑ
15:45
Video thumbnail
වැහි පිරිත ලක්ෂ වාරයක් දේශනා කරලා පිරිත් පැන් රට පුරා ඉසිමු - මුරුත්තෙට්ටුවේ හිමිගෙන් පිළියම්
05:44
Video thumbnail
මතට ලොල්වූ පුතා තම පියාව එළොව යැව්වද ?දිවුල්ලෑව ප්‍රදේශයෙන් ඇසුණු අභිරහස් එළොව යෑම
00:58
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම හොඳ වැඩක් - විපක්ෂයේ අවලාද නිසා ගරුත්වය නැතිවෙන්නේ
03:43
Video thumbnail
බලන්න ඒ තාත්තාට කොච්චරනම් සතුටුද..? කාලා ඇඳුමක් දාගෙන එන්න...
00:23
Video thumbnail
ජනතා ආදරය සජිත්ට ලැබුණු හැටි මෙන්න...
01:50
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි...
00:34
Video thumbnail
ආච්චිගේ ලක්ෂ 8 රන් මාලේ උස්සපු හොරා - "බබා ගන්න මුවාවෙන් මාලේ කඩාගෙන දිව්වා"
04:15