spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හිටිහැටියේ වෛද්‍ය හේමන්ත හේරත්ගෙන් ඔබ විශේෂ පණිවිඩයක්

තමන්ට යම් රෝග ලක්ෂණයක් තිබේ නම් සෞඛ්‍ය ආරක්ෂිතව නිවසට වී සිටීමත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමත් වැදගත් බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

බොහෝ රෝගින් මේ වන විට සමාජය තුළ හඳුනාගත නො හැකි මට්ටමේ රෝගී ලක්ෂණ නො පෙන්වන අය බව යි ඔහු සඳහන් කරන්නේ.

ඔවුන් හරහා සංකූලතා සහ අධි අවදානම් සහිත පිලිකා රෝගීන්, වකුගඩු රෝගීන් වැනි අය මිය යාමේ ප්‍රවණතාවක් ඇති බව ද ඔහු අවධාරණය කළා.

හැකි ඉක්මනින් නිසි පරිදි තමාට අදාළ එන්නත කඩිනමින් ලබාගන්නා ලෙසට ද ඔහු ජනතාවට දැනුම් දෙනවා.

එන්නත් ක්‍රියාවලිය අප්‍රේල් 30 පසු අවසන් කරන බවට තවම තීරණය කර නො තිබුණත් සෞඛ්‍ය අංශවලට තවදුරටත් මෙය අඛණ්ඩ ව පවත්වාගෙන යාමේ අසීරුතාවක් පවතින බවත් ඔහු සඳහන් කළා.

මේ වන විට සමාජයේ පවතින ඩෙංගු රෝගය සහ වෛරස් උණ රෝගය පිළිබඳ යම් බියක් ඇති නම් පරීක්ෂාවක් සිදු කර තහවුරු කරගන්නා ලෙසත් එය නො සලකා හැර සෞඛ්‍ය පුරුදු අතහැර කටයුතු කිරීමෙන් වළකින ලෙසත් නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය හේමන්ත හේරත්වසාන වශයෙන් අවධාරණය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?