හිටපු LTTE සාමාජිකයා තවත් හිටපු LTTE සාමාජිකයෙකුට වෙඩිතබා ඝාතනය කරලා

වවුනියාව පට්ටිකුඩිරුප්පු ප්‍රදේශයේ වගා ඉඩමකදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවට නෙදුන්කේනි පොලිසිය පවසනවා.

ඝාතනයට ලක් වූ පුද්ගලයා අසල්වාසී ඉඩමක අයෙකු සමග ඇති කරගත් බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඇති වූ ගැටුමකින් පසුව මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවටයි පොලිසිය විසින් අනාවරණ කරගෙන ඇත්තේ.

ඝාතනයට ලක් වූ පුද්ගලයා පසුගිය 21 වනදා ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇති කර ගත් බහින්බස් වීමකින් පසුව අනෙක් පුද්ගලයා නිවසක සඟවා තිබූ දේශීය නිශ්පාදිත ගිනි අවියකින් වෙඩි තැබීම සිදු කර තිබෙනවා.

එහිදී බරපතල තත්වයේ සිටි තුවාලකරු නෙඩුන්කේනි ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇති අතර ඝාතකයා පලා ගොස් තිබුණා.

අනතුරුව ඊයේ (22) නෙඩුන්කේනි පොලිසිය විසින් අදාළ ඝාතනයට සම්බන්ධ සැකකරු සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරු සම්බන්ධයෙන් වව්නියාව අධිකරණයේ නඩු 5ක් ඇති බවටත් නීති විරෝධීව ගිනි අවි ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරුවෙකු ද වන බවටයි හෙළිවී ඇත්තේ.

වෙඩිතැබීමෙන් මිය ගොස් ඇත්තේ නෙදුන්කේනි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 58ක අයෙකු වන අතර මිය ගිය පුද්ගලයා මෙන්ම වෙඩි තැබීම සිදු කළ පුද්ගලයාද එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිට පුනරුත්තාපනය වී නැවත පදිංචිවූවන් බවට පොලිසිය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21