spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හිටපු LTTE සාමාජිකයා තවත් හිටපු LTTE සාමාජිකයෙකුට වෙඩිතබා ඝාතනය කරලා

වවුනියාව පට්ටිකුඩිරුප්පු ප්‍රදේශයේ වගා ඉඩමකදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවට නෙදුන්කේනි පොලිසිය පවසනවා.

ඝාතනයට ලක් වූ පුද්ගලයා අසල්වාසී ඉඩමක අයෙකු සමග ඇති කරගත් බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඇති වූ ගැටුමකින් පසුව මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවටයි පොලිසිය විසින් අනාවරණ කරගෙන ඇත්තේ.

ඝාතනයට ලක් වූ පුද්ගලයා පසුගිය 21 වනදා ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇති කර ගත් බහින්බස් වීමකින් පසුව අනෙක් පුද්ගලයා නිවසක සඟවා තිබූ දේශීය නිශ්පාදිත ගිනි අවියකින් වෙඩි තැබීම සිදු කර තිබෙනවා.

එහිදී බරපතල තත්වයේ සිටි තුවාලකරු නෙඩුන්කේනි ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇති අතර ඝාතකයා පලා ගොස් තිබුණා.

අනතුරුව ඊයේ (22) නෙඩුන්කේනි පොලිසිය විසින් අදාළ ඝාතනයට සම්බන්ධ සැකකරු සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරු සම්බන්ධයෙන් වව්නියාව අධිකරණයේ නඩු 5ක් ඇති බවටත් නීති විරෝධීව ගිනි අවි ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරුවෙකු ද වන බවටයි හෙළිවී ඇත්තේ.

වෙඩිතැබීමෙන් මිය ගොස් ඇත්තේ නෙදුන්කේනි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 58ක අයෙකු වන අතර මිය ගිය පුද්ගලයා මෙන්ම වෙඩි තැබීම සිදු කළ පුද්ගලයාද එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිට පුනරුත්තාපනය වී නැවත පදිංචිවූවන් බවට පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?