හිටපු සෞඛ්‍ය ලේකම් අත්අඩංගුවට

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද (18) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා.

හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය ගෙන්වීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබූ අතර, ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි ඔහු අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ.