හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයාට තවත් වගකීමක්

සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කටයුතු කර තිබේ.