හිටපු රාජ්‍ය ඇමති පිල්ලයාන් යළි රිමාන්ඩ්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් එළැඹෙන මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.

ඒ සැකකරු සැකකරු අද (24) ඔන්ලයින් ක්‍රමවේදය හරහා මඩකලපුව අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදීයි .

එහිදී මඩකලපුව මහේස්ත්‍රාත් විනිසුරු ඒ. තර්ෂිනී මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කළා.