spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් රිය අනතුරක (ඡායාරූප)

හිටපු රාජ්‍ය ඇමතිවරියක වූ විජයකලා මහේෂ්වරන් මහත්මිය ගමන් කරමින් තිබූ වෑන් රථයක් අනතුරට ලක්වී තිබෙනවා.

අද (29) අළුයම පුත්තලම – කොළඹ මාර්ගයේ මුන්දලම – මංගළඑළිය ප්‍රදේශයේදී යි අනතුරකට සිදුවී ඇත්තේ.

අනතුරින් තුවාල ලබා ඇති හිටපු රාජ්‍ය ඇමතිවරිය ප්‍රතිකාර සදහා මුන්දලම දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට මාරු කර යවා තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ මන්ත්‍රීවරිය හලාවත මූලික රෝහලේ දැඩි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කළා.

මන්ත්‍රීවරිය යාපනයේ සිට කොළඹ බලා ගමන් කරමින් සිටියදී මුන්දලම මංගලඑළිය ප්‍රදේශයේදී වෑන් රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවට ගොස් ගසක ගැටී මෙම අනතුර සිදුවී තිබෙනවා.

අනතුර වන අවස්ථාවේදී වෑන් රථය තුළ මන්ත්‍රීවරිය සමග මෙහෙකාරිය සහ පුද්ගලයකු ගමන් කර තිබුණා.

අනතුරෙන් මෙහෙකාරියට තුවාලයක් සිදුවී නොමැති අතර වෑන් රථයට බරපතළ බරපතල අලාභ සිදු වී තිබෙනවා.

රියදුරුට නින්ද යාම හේතුවෙන් වෑන් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම අනතුරට හේතුව බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
15
+1
0
+1
7
+1
5
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?