හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක සජබය සමඟ එක්වෙයි

හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක සමගි ජන බලවේගය සමඟ එක් වී තිබෙනවා.

ඒ, අනුව ඔහු සමගි රණවිරු බලවේගයේ ප්‍රධානියා ලෙස පත්කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ජෙනරාල් මහේෂ් සේනානායක සිය මූලික අධ්‍යාපනය කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ලබාගැනීමෙන් පසුව ඇමරිකා එක්සත් ජනපදයේ හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලයෙන් සිවිල් ඉංජිනේරු විද්‍යා උපාධියත් ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයෙන් තවත් උපාධියකුත් ලබා ගෙන තිබෙනවා.

1981 ඔක්තෝබර් 16 වැනි දින මහේෂ් සේනානායක 16 වැනි ශිෂ්‍යභට නිලධාරින් බඳවා ගැනීම දිගු පාඨමාලාව හරහා ශ්‍රී ලංකා හමුදාවට බැඳුනා.

එහි පුහුණුව අවසන් කිරීමෙන් පසුව, ඔහු ඉංජිනේරු බලකායේ දෙවැනි ලු‍තිනන්වරයකු ලෙස පත් කරන ලද අතර, 1983 ජුනි 23 වන දින, 01 වැනි ඉංජිනේරු රෙජිමේන්තුව හා එක්වුණා.

1989 දී ඔහු විශේෂ ඒකක රෙජිමේන්තුවට මාරුවක් ලබාගත් අතර, එහිදී ඔහු 01 වැනි රෙජිමේන්තු විශේෂ බලකායේ බල අණදෙන නිලධාරියා ලෙස සේවය කළ අතර පසුව 03 වැනි රෙජිමේන්තු විශේෂ බලකායට අණ දුන්නා.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු හා හමුදා ඉංජිනේරුවරයකු වූ විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකා රෙජිමේන්තුවේ කර්නල්වරයෙක් ලෙස ද කටයුතු කර තිබෙනවා.

දශක තුන සිවිල් යුද්ධයේ ප්‍රධාන අදියර හතරේම ප්‍රවීණයෙකු වන ඔහු එහි උතුරු හා නැගෙනහිර පලාත් දෙකෙහිම සේවය කර ඇති අත්දැකීම් බහුල හමුදා නිලධාරියෙක්.

ජෙනරාල් මහේෂ් සේනානායක 2017 මාර්තු 22 වැනි දින යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කරන ලද අතර, පසුව 2017 ජූලි 04 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝගයෙන් ලු‍තිනන් ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හමුදාපති ලෙස උසස් කරනු ලැබුවා.

2019 අගෝස්තු 21 වැනි දින ඔහු ජෙනරාල් නිලයට උසස් වීමෙන් පසු හමුදාවෙන් විශ්‍රාම ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
6
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
01:06:11
Video thumbnail
එජාපය මැයි 01 එන්නේ නැති එක ගැන මුජිබුර් කියයි..ඔතන පොඩි කොස්සක් තියෙනවනේ
04:38
Video thumbnail
ක්‍රිකට් අතුරුපාලක කමිටුවේ සභාපති තනතුරට ඉරාන් පත්වෙයිද ?එතුමට ක්‍රිකට් පිළිබඳ දැනුමක් තියෙනවා
03:33
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30
Video thumbnail
සූගීෂ්වර ඇතුළු සෙට් එකට දුන් අසූචි ප්‍රහාරය ගැන මුජිබුර්ට යකා නගියි..මීට වඩා දරදඬු වෙන්න පුළුවන්
02:51
Video thumbnail
අපේ එකාව බේරගන්න ගියොත් විහිළු කාරයෝ වෙනවා..පිටුපස නිල් කොළ දේශපාලන හැකර්ලා ඉන්නවා ?
03:49
Video thumbnail
මුදල් ලේකම් පත් කිරීමම වැරදියි..මේක දේශපාලන පත්වීමක් - විපක්ෂයේ ඉන්නකොට මෙහෙම නෙවෙයි කිව්වේ
07:02
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22
Video thumbnail
හොරාගෙන් පේන අහන වැඩක් - නලින්දගේ ප්‍රකාශයට මුජිබුර්ගෙන් සැර කතාවක්
05:25
Video thumbnail
වෙනත් ගිණුමකට බැරවුණු මුදල ගැන විපක්ෂය දැනගෙන මුනිවත රැක්කද ?.මුජිබුර් පිළිතුරු දෙයි
02:48