හිටපු මහ බැංකු අධිපති කබ්‍රාල් ඇතුළු පස් දෙනෙකුට සිතාසි නිකුත් කෙරේ

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක් ව තිබියදීත් ඒ බව දැන දැනම ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමෙන් රජයට රුපියල් කෝටි 184කට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් පවරා ඇති නඩුවේ විත්තිකරුවන් වන හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ඇතුළු පස් දෙනෙකුට ලබන මස 10 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කර තිබෙනවා.

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල්, හිටපු නියෝජ්‍ය අධිපති ධර්මසේන ධීරසිංහ, දොන් වසන්ත ආනන්ද සිල්වා, චන්ද්‍රසිරි ජයසිංහ, පණ්ඩිත සිරිවර්ධන හා එච්. ඒ. කරුණාරත්න යන පස්දෙනාට එලෙස සිතාසි නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එම විත්තිකරුවන් ඇතුළු විත්තිකරුවන් සයදෙනෙකුට එරෙහිව එම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අධිචෝදනා පත්‍ර භාරදීමට අවසර ලබාදීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කිරීමට පසුගිය මැයි මස 31 වැනිදා නියෝග කර තිබුණ බවයි අධිකරණ වාර්තාකරු පැවසුවේ.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එකී අධිචෝදනා පත්‍රයට අත්සන් තැබූ දින වකවානුව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ තාක්ෂණික දෝෂයක් මත නිදහස් කරනු ලැබූ විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පසුගිය අගෝස්තු 21 වැනිදා යළි නඩු පැවරීමට කටයුතු කර තිබුණා.

කෙසේ නමුත් මෙම චෝදනා සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ ද මින් පෙර නඩු පවරා තිබූ අතර එහිදී අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ඇතුළු වග උත්තරකරුවන් අධිකරණයට කැඳවීමට නොතීසි නිකුත් කිරීමකින් තොරව ම එම පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03