හිටපු පොලිස් නිලධාරියෙකුට පහරදී ඝාතනය කරයි (වීඩියෝ)

දඹුල්ල කණ්ඩලම යක්කුරාගල ප්‍රදේශයේ දී සිදුවූ පහරදීමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ රාත්‍රී සිදු වූ ආරවුලක් අතර පිරිසක් විසින් මෙම පුද්ගලයාට ගසක බැඳ පහරදී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මියගිය පුද්ගලයා ඔහුගේ බිරිඳගේ මවට දිගින් දිගටම පහරදී හිරිහැර කිරීම නිසා මෙම ඝාතනය බිරිඳගේ මවගේ සහෝදරයාගේ පුතෙකු විසින් සිදු කළ බව සඳහන්.

38 හැවිරිදි එම සැකකරු මේ වන විට දඹුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවරුදු 45ක දෙදරු පියෙක්. ඔහු කාලයක් පොලිස් නිලධාරියෙකු ලෙස සේවය කර ඇති අතර ඔහුගේ බිරිඳ බිරිද විදේශ ගතව සිටින බව ද සඳහන්.

අප වාර්තාකරු සඳහන් කළේ මියගිය පුද්ගලයාගේ පාදවල පිළිස්සුම් තුවාල ද දක්නට ලැබෙන බවයි.

ඔහු මියගොස් සිටි ස්ථානයට යාබදව ඇති පෙදෙසක ගිනි මැලයක් ද ගසා තිබු ආකාරය පොලිසිය විසින් හඳුනාගෙන තිබෙනවා.

මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේම තබා ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි.

දඹුල්ල පොලිසියයි විමර්ශන සිදු කරන්නේ.

https://www.youtube.com/watch?v=qwuPpWZnJcg


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14