spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හිටපු පොලිස් කොස්තාපල් අයිස් සමඟ මාට්ටු

හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අද (26) දින අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර බොලොස්සගම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි හිටපු පොලිස් කොස්තාපල් වරයෙකු බවත්, ඔහු අරලියගහ මන්දිරයේ අවසන්වරට රාජකාරී කරමින් සිට දුෂ්චරිත වාර්තා හේතුවෙන් පොලිස් සේවයෙන් ඉවත් කළ අයෙකු බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කර සිටියා.

සැකකරු අයිස් මත්ද්‍රව්‍ය රැගෙන කුඩා ලොරි රථයකින් යමින් සිටින බවට ලද තොරතුරක් මත උප පොලිස් පරීක්ෂක පීආර් වීරසේන ඇතුළු පොලිස් කණ්ඩායම කළුතර අල්විස් වත්ත ප්‍රදේශයේදී ලොරි රථය නවතා පරීක්ෂා කිරීමේදී කලිසම් සාක්කුයේ සඟවාගෙන තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 08කට ආසන්න ප්‍රමාණයක් සහ රුපියල් පනස් දහසක පමණ ජාවාරම් මුදලක් සමඟ අත්අඩංගුවට ගෙන ජාවාරම සඳහා යොදාගත් කුඩා ලොරි රථයද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?