හිටපු පොලිස්පති සී.ඩී වෙඩි තබාගත් බවට සැකකෙරෙන පිස්තෝලය රජයේ රස පරීක්ෂකවරයා වෙත

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි හානිකර ගැනීම සඳහා යොදාගත් බවට සැකකෙරෙන පිස්තෝල වර්ගයේ ගිනි අවිය විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකරන බව පොලිසිය පවසනවා.

ඒ අනුව අදාළ ගිනි අවිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව සඳුදා දිනයේ රස පරීක්ෂකවරයා වෙත භාරදීමට නියමිත බවයි වාර්තා වුණේ.

මේ අතර හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ මරණයට පෙර ඔහු පදිංචිව සිටි මාලබේ, තලාහේනේ පිහිටි නිවසට ඔහුව හමුවීම සඳහන් පැමිණි පුද්ගලයින් සම්බන්ධයෙන් ද පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අදාළ නිවසේ සී.සී.ටී.වී දර්ශන ඔස්සේ ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරන බවයි පොලිසිය සඳහන් කළේ.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදීමකින් ඊයේ (17) පෙරවරුවේ ඔහු පදිංචිව සිටි නිවසේ දී ජීවිතක්ෂයට පත්ව තිබුණා.

ඔහුගේ ආරක්ෂක නිලධාරියාගේ පිස්තෝල වර්ගයේ ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඔහු සියදිවි හානි කරගන්නට ඇති බවට පොලිසිය සැකපළ කරනවා.

මියගිය හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු ලබන සඳුදා (20) දිනයේ බොරැල්ල පොදු සුසන භූමියේ දී සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ඔහුගේ දේහය කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර දකුණ දිසා අපරාධ කොට්ඨාසය සහ මාලඹේ පොලිසිය විමර්ශන අරඹා තිබෙනවා.

  1. අපට අපේ මිනිසුන් අහිමි කරන ඉරාන පලස්තීන පාස්කු බෝම්බ මුස්ලිම් isis තස්තවාදය ඊශ්‍රායල ඇමරිකානු හා ඉන්දීය සහාය සහිතව මිලිටරිමය ලෙස පරාජය කරමු. නැතහොත් isis සාලේ ලා ගුදය ජන මාධ්‍ය හරහා රටට පෙන්වා මුස්ලිම් තස්තවාදය ගැන දන්නා සිංහල හා දමිළ ජනතාව සෘජු ඝාතනය හෝ විවිධාකාර ආතතින් ගොඩ නගා එකා බැගින් සංහාරය කරමින් ලංකාව තස්තවාදී මුස්ලිම් කරණයට යටත් කරනු ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48