හිටපු පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නගේ අවසන් කටයුතු සඳුදා – සිද්ධිය ගැන දහයකට වැඩි පිරිසකගෙන් ප්‍රකාශ අරන්

වෙඩි තබාගෙන සියදිවි හානිකරගත් බව කියන හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු ලබන සඳුදා (20) සවස බොරැල්ල සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ඔහුගේ දේහය හෙට (19) සිට බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කරන බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර හිටපු පොලිස්පතිවරයා වෙඩි තබාගෙන මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 10 දෙනෙකුට වැඩි පිරිසකගෙන් මේ වනවිටත් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය, කොළඹ දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති හරහා ලබා දුන් විශේෂ නියෝගයකට අනුව, බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඊට අමතරව නුගේගොඩ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් සහ නුගේගොඩ සහකාර පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ, මාලඹේ පොලිසියේ ස්ථානාධිපති විසින් ද පරීක්ෂණ පවත්වනු ලබනවා.,

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඊයේ (17) උදෑසන මාලඹේ, තලාහේන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ දී පපු ප්‍රදේශයට ගිනි අවියකින් වෙඩි තබාගෙන මිය ගියා.

සී.ඩී. වික්‍රමරත්න හිටපු පොලිස්පතිවරයා එලෙස මිය යන විට ඔහුගේ වයස අවුරුදු 63ක්.

  1. ලෝකයම දන්න මිනිස්සු මේ තරම් දුර්වල සිත් ඇතුව රටක ආරක්ශක අංශවල ඉන්න පුලුවන්ද?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49