හිටපු පෙම්වතියගේ නිරුවත අන්තර්ජාලයට මුදාහැර කප්පම් ඉල්ලූ පෙම්වතා අත්අඩංගුවට (වීඩියෝ)

වයස අවුරුදු 22 තරුණියකගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැර ඇයගෙන් මුදල් කප්පම් ලබාගැනීමට තැත් කළ යුද හමුදාවෙන් පළා ආ සෙබලෙක් අත්අඩංගුවට ගැනීමට මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් සමත් වුණා.

මාතර – මිරිස්ස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක තරුණියක් යුද හමුදාවෙන් පැනවිත් සිටින 24 හැවිරිදි තරුණයෙකු සමඟ වසර පහක් පුරා ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබුණා.

කෙසේ වෙතත්, තරුණිය ප්‍රේම සබඳතාව නතර කර ඇත්තේ දැනට වසරකට පමණ පෙර එම තරුණයා වෙනත් තරුණියක් සමඟ විවාහ ගිවිස ගෙන ඇති බව දැනගැනීමත් සමඟයි.

යුද හමුදාවෙන් පළා ආ තරුණයා තමා විවාහ ගිවිස ගෙන සිටිය ද, තමන් සමඟ පෙම් සබඳතාව පවත්වාගෙන යායුතු බවට දිගන් දිගටම පැරණි පෙම්වතියට බලපෑම් කර තිබෙනවා.

එහෙත්, ඊට අකමැත්ත පළ කළ තරුණිය පෙම්වතා අමතක කර, හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවක‌ට පිවිසීමේ බලාපොරොත්තුවෙන් වැලිගම ප්‍රදේශයේ හෝටල් පුහුණු පාසලක වෘත්තිය පුහුණු පාඨමාලවකට සම්බන්ධ වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර දින කිහිපයක සිට ඇයගේ දුරකථන අංකයට නාදුනන පුද්ගලයන් රැසකගෙන් ඇමතුම් ලැබී ඇති අතර, ඔවුන් විමසා ඇත්තේ ගණිකාවක් ලෙස ඇගේ පහස ලබාගැනීම සදහා අයකරන මිල ගණන් සම්බන්ධවයි.

දිගින් දිගටම තමන්ට ලැබෙන ඇමතුම් හේතුවෙන් වික්ෂිප්තභාවයට පත් තරුණියට ඇගේ නිරුවත් ඡායාරූප රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී ඇති බව දැනගන්නට ලැබී තිබෙනවා.

අදාළ නිරුවත් ඡායාරූප හුවමාරු වී තිබුණේ ඇගේ දුරකථන අංකය හා ඇය ඉගෙනුම ලබන ආයතනයේ තොරතුරු ද සමගින්.

මේ පිළිබඳ තරුණිය මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කිරීමත් සමඟ මාතර කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහගේ උපදෙස් මත විමර්ශන ආරම්භ වුණා.

යුද හමුදාවෙන් පළා ආ 24 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ අනුවයි.

වැඩිදුර විමර්ශනයේදී ඔහු භාවිත කළ මෝටර් රථයේ තිබී සොයාගත් දුරකථනවල තිබී පැරණි පෙම්වතියගේ නිරුවත් ඡායාරූප පොලිසිය සොයාගෙන තිබෙනවා.

වසර 05ක් පුරා පෙම්වතිය වෙනුවෙන් වියදම් කළ මුදල් ඉල්ලා ඔහු තර්ජනය කළ බවටයි විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

මුදල් ලබාදීමට නොහැකි නම් තරුණිය සතු රන් ආභරණ හෝ ලබාදිය යුතු බවට යුද හමුදා පෙම්වතා ඇයට බලපෑම් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59