හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර සහ ඔහුගේ පුත්‍රයා අත්අඩංගුවට

එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර සහ ඔහුගේ පුත්‍රයා අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අද (18) පස්වරුවේ ඒ මහතා සහ ඔහුගේ පුත්‍රයා අත් අඩංගුවට ගෙන ඇත්තේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින්.

නීතිවිරෝධී ව එකලස් කරන ලද වාහනයක් ළඟ තබා ගැනීමේ චෝදනාව මතයි සැකකාර හිටපු මන්ත්‍රීවරයා සහ ඔහුගේ පුත්‍රයා අත් අඩංගුවට ගෙන ඇත්තේ.