කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බණ්ඩාරගම, හිටපු ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ ලලිත් එල්ලාවල සර්වජන බලය සමඟ එක්ව තිබෙනවා.
ඒ අනුව ලලිත් එල්ලාවල සර්වජන බලයේ කළුතර නියෝජ්‍ය දිස්ත්‍රික් නායකවරයා ලෙසත්, සර්වජන බලයේ උත්තරීතර මණ්ඩල සභිකවරයෙකු ලෙසත් පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ පත්වීම් ලිපිය සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර විසින් සර්වජන බලය මූලස්ථානයේ දී ලලිත් එල්ලාවල වෙත නිල වශයෙන් පිරිනමනු ලැබුවා.













