හිටපු පළාත් සභා මන්ත්‍රී සංජය සිරිවර්ධන ආයුධ තොගයක් සමඟ අත්අඩංගුවට

හිටපු පළාත් සභා මන්ත්‍රී සංජය සිරිවර්ධන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්තනගල්ල ප්‍රදේශයේ ඔහුට අයත් ඉඩමකින් අවි ආයුධ තොගයක් සොයා ගැනීමත් සමඟ ඔහුව මෙලෙස අද (11) අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

T 56 ගිනි අවියක්, මැගසින් දෙකක්, පතොරම් 130ක්, බෝර 12 ගිනි අවියක් සහ කාට්රිජ්ස් 06ක් මෙලෙස සොයාගෙන තිබෙනවා.