හිටපු පළාත් සභා මන්ත්‍රී පැදවූ රථයට යට වී පියපුතු දෙපළ අවසන් ගමන් යයි

මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන ගාමිණී විජය බණ්ඩාර පැදවූ ජීප් රථයේ ගැටී පියපුතු දෙපළක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අදාළ පියපුතු දෙපළ මහනුවර ධර්මරාජ විදුහල ආසන්නයේ දී මාර්ගය හරහා මාරුවෙමින් සිටිය දී ඊයේ (16) රාත්‍රියේ මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් මියගොස් ඇත්තේ මහනුවර, බූවැලිකඩ, සංඝමිත්තා මාවතේ පදිංචිව සිටි 42 හැවිරිදි පුද්ගලයෙක් සහ ඔහුගේ 11 හැවිරිදි පුත්‍රයායි.

පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අනතුර සිදුකළ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

සැකකරු කරාටේ ක්‍රීඩා උපදේශවරයෙකු වශයෙන් කටයුතු කරන අතර, ඔහු කරාටේ පංතියක් නිමකර ආපසු නිවස බලා යමින් සිටිය දී මෙම අනතුර සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් මහනුවර පොලීසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
8
+1
5
+1
2
+1
55
+1
21
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23