හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට සී.අයි.ඩීයෙන් කැඳවීමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ලේකම්වරයා ලෙස කටයුතු කළ සමන් ඒකනායක හෙට (05) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ මුදල් භාවිත කරමින් සිදුකළ බව කියන විදෙස් සංචාරයක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ඔහු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර එම විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික ලේකම්රිය ලෙස කටයුතු කළ සැන්ඩ්‍රා පෙරේරා අද (04) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා.