හිටපු ජනාධිපති රනිල් ජාතික රෝහලට ඇතුළත් කිරීමේ සූදානමක්

සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගනිමින් සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරනවා.

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෛද්‍ය උපදෙස් මත මේ වනවිට පසුවන්නේ බන්ධනාගාර රෝහලේයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (22) නියෝග කළා.

මෙරට ඉතිහාසයේ විධායක ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට පත්වූ පළමු අවස්ථාව සහ රක්ෂිත බන්ධනාගාර ගත කළ පළමු අවස්ථාව ද මෙය වනවා.

මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපතිවරයාගේ සුවදුක් විමසීමට, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (23) පෙරවරුවේ බන්ධනාගාර රෝහල වෙත පැමිණියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14