හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙතෙක් හෙළිනොවූ රහසක් හෙළිිකරයි

අද පැවැත් වුණු පාර්ලිමේන්තු සැසිවාරයේ දී මේ වෙනවිට රජය ගෙන යන වැඩපිළිවෙළ ගැන හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන අදහස් කිහිපයක් ම ප්‍රකාශ කළා.

මෙරට ජනගහනයෙන් 17%ක පමණ ජනතාවක් මන්දපෝෂණයෙන් පෙළෙන බව සඳහන් කරන හිටපු ජනපතිවරයා, ඒ සඳහා ගත වූ කිසිඳු ආණ්ඩුවක් විධිමත් ක්‍රියාමාර්ගයක් නො ගත් බවට චෝදනා කරනවා. ඊට අමතර ව දියවැඩියාව, අධි රුධිර පීඩනය හා පිළිකා වැනි රෝග ද ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින බව ඔහු ප්‍රකාශ කරනවා. හිටපු ජනපතිවරයා මෙහි දී විශේෂයෙන් අවධාරණය කළේ වකුගඩු රෝගය පිළිබඳව යි. සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත හා තොරතුරුවලට අනුව, වැඩි ම වකුගඩු රෝගින් පිරිසක් වාර්තා වෙන්නේ, බස්නාහි‍ර පළාතෙන් බවයි ඔහු පැවසුවේ. රසායනික පොහොර පිළිබඳ ඇති වී තිබෙන ගැටලුව පිළිබඳ කතා කළ හිටපු ජනපති, අනුරාධපුර පිළිකා රෝහලේ පිළිකා රෝගින් විසි දහස ඉක්ම වා ඇති බව හා වකුගඩු රෝගින් ද විසි දහස ඉක්ම වා ඇති බව හෙළිදරව් කළා. 

එම රෝගින් බොහෝ දෙනෙක් තරුණ තරුණයින් බවයි ඔහු සඳහන් කරන්නේ. මෙම ගැටලුවලට ‍රජයක් වශයෙන් කඩිනම් විසඳුම් ලබාදිය යුතු බවත් එහි දී ප්‍රකාශ වුණා. ඇතැම් පුද්ගලයින් විවිධ අවස්ථාවල දී පොළොන්නරුවේ ඉදි කළ වකුගඩු රෝහල චීනයෙන් ලැබුණු පරිත්‍යාගයක් බවත් වකුගඩු රෝගයට විසඳුමක් ලද පසු එම රෝහලෙන් කිසිඳු ප්‍රයෝජනයක් නැති බවත් පවසනවා යනුවෙන්, මෛත්‍රිපාල සිරිසේන සඳහන් කරනවා. විශේෂයෙන් සමස්ත කෘෂිකාර්මික ක්‍රියාවලිය කාබනික වූ පසු මෙම රෝහල ප්‍රයෝජනවත් නො ව බවට ඇතැමුන් ප්‍රකාශ කරන බවයි ඔහු අවධාරණය කළේ. 

නමුත් එය ඉතා වැරදි කතාවක් බව පවසන හිටපු ජනපතිවරයා සඳහන් කළේ, වකුගඩු රෝග සිය ගණනක් ඇති බවත් මෙරට පවතින එක ම වකුගඩු රෝගය රජරට වකුගඩු රෝගය නො වන බවත් ය. දිවයින පුරා විසිරී හිඳින වකුගඩු රෝගින් විශාල ප්‍රමාණයක් මෙම රෝහලට එන බව පැවසූ ඔහු සඳහන් කළේ, රෝහලට අවශ්‍ය ඇතැම් පහසුකම් ලබා දීමට රජය සමත් වී නැති බවයි. ඒ අනුව මෙම රෝහලේ එක්ස් කිරණ ඒකකය ආරම්භ කර නො මැති බව හා රෝහලට අධ්‍යක්ෂවරයෙක් ද පත් කර නො මැති අතර, රෝහලේ පැවතිය යුතු රසායනාගාර පහසුකම්, සී.ටී. ස්කෑන් පහසුකම්, වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම ආදිය ද පහසුකම් පැවතියත් ආරම්භ කර නො මැති බවයි හිටපු ජනපතිවරයා පැවසුවේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන අහපු ප්‍රශ්න ප්‍රතික්ෂේපිත වීම නිසා සජිත්ට යකා නගියි
06:41
Video thumbnail
හිටපු ජනපති රනිල්, ගෝඨාභය සහ නාමල් එකට හමුවුණ මංගල සාදය - කට්ටිය හිනාවෙවී බර කතාවක
00:42
Video thumbnail
බන්ධනාගාරය ඉදිරියේ අඬපු අම්මලාට දැනෙන්න කිව්ව කතාව
01:26
Video thumbnail
අපි ඉස්සරහට ශ්‍රී ලංකාවේ සියලුම ආගමික නායකයන් හමුවෙනවා - සියලු ආගම් පෝෂණය කරන්න බැදී තිබෙනවා
01:55
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව හමුවෙයි
01:32
Video thumbnail
බන්ධනාගාර නිලධාරින්ට දැඩි තර්ජන තියෙනවා - මේ ආණ්ඩුව හොඳට දන්නවා බන්ධනාගාරවල ගැ#ටුම්
11:11
Video thumbnail
JVP පන්ති පහේ වෙන දේ JVP පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙළිකරයි - ඔක්කොම කාටවත් දෙන්න බෑ..සිහින මවනවා
05:57
Video thumbnail
ශ්‍රී දළඳා මාළිගාවේ පෙරහැර මංගල්‍යයට දින නියම වෙයි - අගෝස්තු 27වන දින අවසන් රන්දෝලි පෙරහැර
03:47
Video thumbnail
පානීය ජල ගැටලුවට ස්ථීර විසඳුම් සෙවීමට 2027 අයවැයෙන් විශේෂ අවධානය
01:33
Video thumbnail
"පව්කාර මිනිස්සු ඇයි එහෙම දෙයක් කළේ තාත්තිට"
01:37