හිටපු ජනාධිපති මෛත්‍රී සී.අයි.ඩීයට එයි (වීඩියෝ)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇති බව වාර්තා වනවා.

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපතිවරයා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් කවුරුන් යන්න පිළිබද තොරතුරු තමන් දන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සිකුරාදා මහනුවර ප්‍රදේශයේ දී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා.