හිටපු ජනපති සිරිසේන පාස්කු වින්දිතයින්ගේ වන්දි නඩු නිෂ්ප්‍රභ කරන ලෙස අධිකරණයෙන් ඉල්ලයි

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගොනුකර ඇති ඉල්ලීමක් පිළිබඳ අධිකරණ නියෝගය ජනවාරි මස 7 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ දිසා විනිසුරු චතුරිකා ද සිල්වා මහත්මිය නියම කළාය.

ඒ, පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් මියගිය අය වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්, සදාකාලිකව ආබාධිතවූවන් හා තුවාල ලැබූවන් විසින් තමන්ට වන්දි අයකර දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන නඩු 128 ක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස එලෙස ඉල්ලා තිබූ නියෝගයක් සම්බන්ධයෙනි.

මෝසමක් ගොනු කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වු ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා කියා සිටියේ මෙම නඩු සියල්ල සිවිල් නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව නඩු නිමිත්තක් නොමැතිව පවරා ඇති බවය.

මෙම නඩු ගොනු කළ අවස්ථාවේදී සිරිසේන මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු නොකළ බවත් ඔහු මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් දැන සිටියේය යන උපකල්පනය මත මෙම නඩු පැවරීම සිදුකර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

මීට පෙර ද ත්‍රස්ත ප්‍රහාර රටතුළ සිදුව ඇති බැවින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු පවරන්නේ නම් මෙරට එල්ලවී ඇති සිය ගණනක් වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් තමාට පෙර බලයේ සිටි ජනපතිවරුන්ටත් නඩු පැවරිය යුතු බවත් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අවධාරණය කර ඇත.

පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත්වුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා මහතා අධිකරණයේ කරුණු දක්වමින් හිටපු ජනපතිවරයා වෙනුවෙන් කරනු ලබන ඉල්ලීම සිවිල් නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදනවලට පටහැනි බව කියා සිටියේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තිකරුවන්ට කලින්ම තොරතුරු ලැබී තිබුණු බවට සාධාරණ හෙළිදරවුවීමක් ඇති බැවින් මෙම නඩු පැවරීම සිදු කළ බව කී ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා වගඋත්තරකාර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කරන මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

දෙපාර්ශවරයේ කරුණු සළකා බැලු දිසා අධිකරණය, අදාළ නඩු නිශ්ප්‍රභ කරනවාද? නැද්ද? යන නියෝගය ජනවාරි 07 දින ප්‍රකාශයට පත්කරන බව අතිරේක දිසා විනිසුරුවරිය නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16