හිටපු ජනපති සිරිසේනගේ දියණියගේ නිවසට හොරු පනී

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දියණිය පදිංචි බත්තරමුල්ල, වික්‍රමසිංහ පුර දෙමහල් නිවස හොරු කඩා දේපළ තොගයක් සොරා රැගෙන ගොස් ඇතැයි තලංගම පොලිසිය පවසයි.

සොරාගෙන තිබූ රුපියල් ලක්ෂ 30කට ආසන්න දේපළ අතර නිවසේ අල්මාරියේ තිබූ රුපියල් 1,50,000/= ක මුදලක්, රන් ආලේපිත ඔටුවෙකුගේ පිළිමයක්, ස්මාර්ට් අත් ඔරලෝසුවක්, රන් ආලේපිත සිංගප්පූරු කාසි 8ක්, වියලි ආහාර ද්‍රව්‍ය හා පාසල් පොත් බෑගයක් ඒ අතර වන බව පොලිසිය සඳහන් කරසිටි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණියගේ සැමියා කොළඹ නිවසට පැමිණි අවස්ථාවේදී නිවස සොරුන් විසින් කඩා ඇති බව දැක පොලිසියට ඒ බව පැමිණිලි කර තිබූ බව වාර්තා වෙයි.

යම් පුද්ගලයකු හෝ කීප දෙනෙකු මුල්තැන්ගෙයි වීදුරු දොර කඩා නිවසට ඇතුළු වී නිවසේ තිබූ දේපළ සොරාගෙන ගොස් ඇති බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ව්‍යාපාරික බෑණා පොලිසියට පැමිණිලි කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01