spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හිටපු ජනපති සිරිසේනගේ දියණියගේ නිවසට හොරු පනී

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දියණිය පදිංචි බත්තරමුල්ල, වික්‍රමසිංහ පුර දෙමහල් නිවස හොරු කඩා දේපළ තොගයක් සොරා රැගෙන ගොස් ඇතැයි තලංගම පොලිසිය පවසයි.

සොරාගෙන තිබූ රුපියල් ලක්ෂ 30කට ආසන්න දේපළ අතර නිවසේ අල්මාරියේ තිබූ රුපියල් 1,50,000/= ක මුදලක්, රන් ආලේපිත ඔටුවෙකුගේ පිළිමයක්, ස්මාර්ට් අත් ඔරලෝසුවක්, රන් ආලේපිත සිංගප්පූරු කාසි 8ක්, වියලි ආහාර ද්‍රව්‍ය හා පාසල් පොත් බෑගයක් ඒ අතර වන බව පොලිසිය සඳහන් කරසිටි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණියගේ සැමියා කොළඹ නිවසට පැමිණි අවස්ථාවේදී නිවස සොරුන් විසින් කඩා ඇති බව දැක පොලිසියට ඒ බව පැමිණිලි කර තිබූ බව වාර්තා වෙයි.

යම් පුද්ගලයකු හෝ කීප දෙනෙකු මුල්තැන්ගෙයි වීදුරු දොර කඩා නිවසට ඇතුළු වී නිවසේ තිබූ දේපළ සොරාගෙන ගොස් ඇති බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ව්‍යාපාරික බෑණා පොලිසියට පැමිණිලි කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?