හිටපු ජනපති මහින්දට හත් දවසක් පිරිත් කියන පිංකමක් (වීඩියෝ)

හිටපු 05 වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සෙත්පතා සත් දින සෙත් පිරිත් සජ්ඣායනාවක් ආරම්භ වුණා.

ඒ ඊයේ (27) දින රාත්‍රියේ සිට නුගේගොඩ විජේරාම නිල නිවසේදියි.

අද (28) මෙම පිරිත් සජ්ඣායනා පිංකමේ දෙවැනි දිනය වනවා.

මෙම පිංකම සඳහා ශ්‍යාමෝපාලි මහ නිකායේ, අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ අනුනායක, අතිපූජ්‍ය වේඬරුවේ උපාලි අනුනාහිමියන් සහ ශ්‍රී සම්බෝධි විහාරාධිපති, බෞද්ධයා නාලිකාවේ සභාපති, අතිපූජ්‍ය බොරලන්දේ වජිරඤාණ හිමියන් ඇතුළු මහා සංඝරත්නය වැඩම කරනු ලැබුවා.