හිටපු ක්‍රීඩා ඇමතිට එරෙහි පෙත්සම සලකා බැලීම ජූලි 10

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සිදු කරනු ලැබූ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍යයෝ රොෂාන් රණසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම සලකා බැලීම සඳහා ජූලි මස 10 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය ඊයේ (04) දින නියෝග කළා.

මෙම පෙත්සම ඊයේ අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් මහතා ඉදිරියේ කැඳවන ලැබුවා.

එහිදී විනිසුරුවරයා නියෝග කළේ අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන ජූලි මස 10 වනදා මොහොමඩ් ලෆාර් සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන බවයි.

මෙම පෙත්සම මීට පෙර මොහොමඞ් ලෆාර් සහ ඛේමා ස්වර්ණාධිපති යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලැබූ අතර එම විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු කේමා ස්වර්ණාධිපති මහත්මිය විශ්‍රාම යාමට නියමිතව සිටින බැවින් මෙම පෙත්සම විභාග කිරීමට හැකියාවක් නොමැති බවත් එය විභාග කරන විනිසුරු මඩුල්ලක් නම් කිරීම සඳහා පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා හමුවට යොමු කරන බවත් සඳහන් කර තිබුණා.

ඒ අනුව අභියාචනාදීකරණයේ සභාපතිවිනිසුරුවරයා විසින් අදාල පෙත්සම විභාග කිරීම සඳහා මෙම නව විනිසුරු මඩුල්ල පත්කර තිබෙනවා.

දිමිත්‍රී ශිරාස් ඔගස්ටස් පිට්‍රාංජලී නමැති නීතිඥවරියක විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබූ අතර එහි වග උත්තර කරුණු ලෙස හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ නම් කර තිබුණා.

වග උත්තරකාර රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් සිදු කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයේ දැක්වූ කරුණුවලින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවත් ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) ව්‍යවස්ථාව යටතේ ඔහුට එරෙහිව දඬුවම් පමුණුවන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14