හිටපු ඇමැතිනී චන්ද්‍රාණිගේ අල්ලස් නඩුවට එරෙහිව ඉදිරිපත් කළ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප වෙයි

යහපාලන ආණ්ඩුව සමයේ දී රජයේ නිලධාරීන් බඳවා ගැනීමේ ක්‍රමවේදයෙන් බැහැරව කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ තනතුරට සහ තවත් ව්‍යාපෘති කිහිපයකට දේශපාලන හිතවතුන් බඳවා ගැනීමේ චෝදනාව යටතේ හිටපු ඇමැතිනී චන්ද්‍රාණි බණ්ඩාරට එරෙහිව ගොනුකර ඇති අල්ලස් නඩුව පවත්වාගෙන යානොහැකි බවට විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතාව කොළඹ මහාධිකරණය අද (23) ප්‍රතික්ෂේප කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු එම්.එම්.එම්. මිල්හාන් මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේ ඇප මත මුදාහැර සිටි විත්තිකාරිය අධිකරණය හමුවේ පෙනී සිටියා.

අල්ලස් කොමිසම විත්තිකාරියට එරෙහිව 2025 වසරේ මැයි 14දා මුල් වරට අධිචෝදනා පත්‍රය ඉදිරිපත් කළ අතර පසුව එය සංශෝධනය කර පසුගිය 04 වනදා ඉදිරිපත් කළා.

එහිදී විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ලසන්ත ලද්දුවහෙට්ටි මූලික විරෝධතාවක් ඉදිරිපත් කරනු ලැබුවා.

මුල් අධිචෝදනා පත්‍රයේ “කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව අනුමත කළ කාර්යපටිපාටියෙන් බැහැරව“ බඳවා ගැනීම කර ඇති බව දක්වා තිබූ අතර පසුව එය “නිසි කාර්යපටිපාටිය අනගමනය නොකර“ යනුවෙන් දක්වා ඇති බව කියා සිටියා.

එසේම “අයුතුසහගත හා නීතිවිරෝධි ලෙස අයුතුලාභයක් සිදුවන ආකාරයේ බඳවා ගැනීමේ චෝදනාව“ යටතේ සංශෝධිත අධිචෝදනා ඉදිරිපත් කර ඇති බව පෙන්වා දුන්නා.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 195,196, 197 වගන්ති අනුව අයුතු ලාභ චෝදනාවක් ඉදිරිපත් කරන විට එහි වටිනාකම සඳහන්ව තිබිය යුතු බව විත්තිය පෙන්වා දුන්නා.

ඒ අනුව අල්ලස් කොමිසම ඉදිරිපත් කළ අධිචෝදනා පත්‍රය අසම්පූර්ණ එකක් බැවින් ඉවත දමන ලෙස විත්තිය සිය විරෝධතාව මගින් කියා සිටියා.

අල්ලස් කොමිසම එම විරෝධතාවට ප්‍රතිඋත්තර ගොනු කරමින් කොමිසම අධිචෝදනා පත්‍රයක් ගොනු කිරීමේ අධිකරණ බලයක් ඇති බවත් එයට එරෙහිව කරුණු සලකා බැලීමේ හැකියාවක් මෙම අධිකරණයට නොමැති බවත් කියා සිටියා.

අධිචෝදනා පත්‍රය හබ කළ හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ බව ප්‍රකාශ කළ අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් තුෂාරි දයාරත්න මහත්මිය විත්තියේ විරෝධාතාව ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සිටියා.

කොමිසම අල්ලස් පනතේ 12 වැනි වගන්තිය අනුව නිසි පරිදි අධිචෝදනා පත්‍රයක් ඉදිරිපත් කර ඇති බව ප්‍රකාශ කළ අධිකරණය එය අභියෝග කිරීමට මෙම අධිකරණයට නොහැකි බවයි ප්‍රකාශ කළේ.

එහෙත් සාධාරණ නඩු විභාගයක් සඳහා විත්තියට අවශ්‍යය ලේඛන ලබාදිය යුතු බවට අධිකරණය නියෝග කෙරුණා.

නඩුව නොවැම්බර් 07 වනදා යළි කැඳවීමට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23
Video thumbnail
බෝ ගසක අත්තක් ත්‍රී රෝදයක් මතට කඩා වැටී සිදු වූ අනතුර
00:38
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය ජලයෙන් යටවෙයි
00:47
Video thumbnail
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි කරන්නේ රංගනයක්..?
07:06
Video thumbnail
මහ වැස්සෙන් කළුතර ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි
01:26
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය සම්පූර්ණයෙන් ජලයෙන් යටවෙයි
01:22