හිටපු ඇමති විමල්ගේ සහෝදරයා යළි රිමාන්ඩ්

ඉංජිනේරු සංස්ථාවේ වාහන අවභාවිත කර රජයට පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සහෝදරයා වන සරත් වීරවංශ ලබන 28 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (22) නියෝග කර තිබෙනවා.

සැකකරුගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් වන නියෝගය ද එදිනට ලබා දෙන බව මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.