හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත ”යුධ දෙකකට උර දී” කෘතිය එළිදැක්වීමේ උත්සවය අද (18) පැවැත්වුණා.
කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ මෙම උත්සවය සංවිධානය කර තිබුණා.
සිය දේශපාලන දිවිය තුළ තමා මුහුණ දුන් අත්දැකීම් මූලික කරගනිමින් හිටපු අමාත්‍යවරයා මෙම කෘතිය රචනාකර තිබෙනවා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු දේශපාලන නියෝජිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.













